නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශීතල බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් ඊයේ (12) තමාට දුරකතනයෙන් දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
උතුරු – නැගෙනහිර පළාත්වල ගවයින්, මී ගවයින් සහ එළුවන් 1200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හේමාලී කොතලාවල පැවසුවාය.