25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් තවත් ඩොලර් මිලියන 27ක ඖෂධ මෙරටට

චීනයෙන් තවත් ඩොලර් මිලියන 27ක ඖෂධ මෙරටට

ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

චීනය මෙරටට ලබා දෙන සෞඛ්‍ය ආධාරවල දෙවැනි අදියර ලෙස ඩොලර් මිලියන 27 ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පෙරේදා (11) මෙරටට ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී ඩොලර් මිලියන 42ක වටිනාකමකින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් අමෙරිකාවෙන් ලැබීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.