30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදේශබන්දු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී ඉන්න බෑ කියයි

දේශබන්දු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී ඉන්න බෑ කියයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිපතිවරයා මෙම අවස්ථාවේ පෙනී සිටීමක් නොකරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්ව භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු විසින් දේශබන්දුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

එම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් එම අවස්ථාවේදී තමා පෙනී සිටීමක් නොකරන බවය.