31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිධන් හෑරීමට ගිය 10ක් එල්ලුම්ගස් හන්දියේදී අත්අඩංගුවට

නිධන් හෑරීමට ගිය 10ක් එල්ලුම්ගස් හන්දියේදී අත්අඩංගුවට

නිධන් හෑරීමට පැමිණි බවට සැකපිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දහදෙනෙකගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් කොකාවැව, එල්ලුම්ගස් යාය හන්දිය මාර්ග බාධකයේදී ඊයේ (13) අළුයම අත්අඩංගුට ගත් බව කොකාවැව පොලිසිය පවසයි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීලුෂ රුවන් ජයවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු සහ, බුත්තල, මාලිගාවල, ඔක්කම්පිටිය, කටුබැද්ද, මොරටුව, හෝමාගම, හම්බන්තොට, රත්නපුර, ලෙල්ල පිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 – 53 යන වයස් සීමාවන්වල පසු වූවන් දස දෙනෙකි.

පොලීසිය පවසන්නේ කාර් රථයකින් කොළඹ බලා යමින් සිටියදී සැකකරුවන්ගෙන් පස් දෙනෙකු එල්ලුම්ගස්යාය හන්දියේ මාර්ග බාධකයේදී අළුයම දොළහට පමණ මුලින්ම අත්අඩංගුවට ගත් බවය. පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අනෙක් සැකකරුවන් පස්දෙනා දුටුවැව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් අළුයම එකට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා මොහොතේ සැකකරුවන්ගේ ජංගම දුරකථනවල ප්‍රදේශයේ පිහිටි ගල්කණු සහ විවිධ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානවල ඡායාරූප රාශියක් තිබුණ බවත් එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් නිධාන් හෑරීමට පැමිණි බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කරයි.

ගලෙන්බිඳුණුවැව දුටුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සැකකරුවන් ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහාද ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

සැකකරුවන් ඊයේ (13) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීලුෂ රුවන් ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක පෙරේරා, සැරයන්(12751) උඩුකුඹුර,(24715) මුණසිංහ, කොස්තාපල් (68625) චින්තක,(95006) වාසලසේන(95028) දිසානායක යන නිලධාරින් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි.