29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියා ඉදිරියේදීම දරුවා වාහනයක ගැටෙයි

පියා ඉදිරියේදීම දරුවා වාහනයක ගැටෙයි

හත් හැවිරිදි පාසල් සිසුවෙකු පියාගේ දෑස් ඉදිරිපිටදී රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසළදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාපුටුගල ජාතික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. සිසුවා විද්‍යාලයේ සිට පාසල් වෑන් රථයෙන් පැමිණ තවත් සිසු සිසුවියන් පස් දෙනෙකු සමඟ රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසළදී පාසල් වෑන් රථයේ සහායිකාවගේ රැකවරණය මත බැස ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී තුවාල ලද සිසුවා සහ අනෙක් හයදෙනා වෑන් රථයේ සහයිකාව භාරයේ සිට ඇති අතර මාර්ගය හරහා ඇරලීමට පෙර පියා දුටු සිසුවා එකවරම මාර්ගය හරහා දිව ගොස් තිබේ.

වහා ක්‍රියාත්මක වූ පියා ඇතුළු ප්‍රදේශවාසීහු තුවාල ලද සිසුවා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු අංක 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් තත්ත්වය බරපතළ නොමැති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

පාසල් වෑන් රථය පසුපසින් පැමිණි තිරෝද රථය එයට ඉස්සර කිරීමත් සමග එහි ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි. ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පාසල් වෑන් රථයේ සහායිකාවගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇත.

අපරික්ෂාකාරි රිය පැදවීම, අනතුරක් සිදු කර කුඩා දරුවෙකුට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ත්‍රිරෝද රථ රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.