― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මේ මාසයේදී

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මේ මාසයේදී

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් සඳහා සභිකයින් 8,327ක් තෝරා පත් කර ගැනීම සඳහා වන නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස අවසන් සතියේ රාජකාරි දින 5ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන බව එහි කොමසාරිස් ජනරාල් එස්. ජී. පුංචිහේවා පවසයි.

කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගත් බවයි.

2017 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන අනුව ජනවාරි මැද භාගයේදී පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා අතර මැතිවරණය 2023 පෙබරවාරි මස අග දී පැවැත්වෙනු ඇති.

නාමයෝජනා භාරදීම අවසන් වී සති පහේ සිට සති හත දක්වා කාලය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවයි ආඥාපනතේ 26 වැනි වගන්තියේ සඳහන් වන්නේ.

ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා දැනුම් දෙන 14 වැනි දින පසුදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙනවා.