25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමෛත්‍රීට පාස්කු වගකීමෙන් නිදහස් වෙන්න බැහැ

මෛත්‍රීට පාස්කු වගකීමෙන් නිදහස් වෙන්න බැහැ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් බැහැර විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් – පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මම අහන්නේ. ලබන අප්‍රේල් මාසය වන විට පාස්කු ප්‍රහාරය සිදු වෙලා මේ රටේ අවුරුදු 4ක් වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් අහද්දි තවත් සති 2ක කාලයක් ඉල්ලනවා. අද ප්‍රශ්න අහන්නම දාපු දිනයක්. අද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළු තමුන්නාන්සේලාගේ රජය බොහෝම උණන්දුයි. අනිත් එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට චෝදනා කරන්න, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට චෝදනා කරන්න තමුන්නාන්සේලාගේ ආණ්ඩු පක්ෂය මීට කලින් මේ කාරණය බොහොම පැහැදිලි ලෙස පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහ මහතා තමුන්නාන්සේලාගේ පැත්තට ඇවිල්ලා සුරක්ෂිතව කන්ද උඩ ඉන්න නිසාත්, තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ දේශපාලනික හතුරෙක් වෙන නිසාත් මේ ප්‍රශ්නය තව තව දිග්ගස්සනවාද කියලා තේරෙන්නේ නෑ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – අපි මුල ඉදලම දරපු ස්ථාවරය තමයි පාස්කු ඉරිදා සිද්ධිය වෙද්දි රටේ ජනාධිපති, ආරක්ෂක ඇමති, සේනාධිනායකයා, පොලීසිය විෂය භාර ඇමති එක පුද්ගලයෙක්. ඒ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමාට ඒ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කියල අපි එදා හිතුවෙත් නෑ. අද හිතන්නෙත් නෑ. ඒක තමයි අපේ ස්ථාවරය.