32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවට යන්න කලින් දෙපාරක් හිතන්නැයි බ්‍රිතාන්‍ය වැසියන්ට දැනුම්දෙයි

ලංකාවට යන්න කලින් දෙපාරක් හිතන්නැයි බ්‍රිතාන්‍ය වැසියන්ට දැනුම්දෙයි

වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක්ද සිදුවන බව බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට දැනුම් දී තිබේ.

එබැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සුදුසු සංචාරක රක්ෂණයක් ලබාගෙන ඉන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේදැයි පරීක්ෂා කිරීම වැදගත් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදයට එරෙහිව පවත්වන විරෝධතා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බැවින් එවැනි ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් සංචාරක උපදෙස් සහ දේශීය මාධ්‍ය හරහා සිදුකරන දැනුම්දීම් පිළිබදව යාවත්කාලීනව සිටිය යුතු බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන්ට එරට රජය දැනුම් දී තිබේ.