28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි මීටර් හා වයර් හිඟයෙන් පවුල් 35000ක් අඳුරේ

විදුලි මීටර් හා වයර් හිඟයෙන් පවුල් 35000ක් අඳුරේ

විදුලි මීටර් හිඟය සහ වයර් හිඟය හේතුවෙන් නව විදුලි සම්බන්ධතා 35000ක් ලබාදීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් නව විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ විදුලි පාරිභෝගිකයන් දැඩි අසීරුතාවකට පත්ව අඉටින අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ විදුලි මීටර්, වයර් පමණක් නොව ට්‍රාන්ස්ෆෝමර්වලද දැඩි හිඟයක් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ට්‍රාන්ස්ෆෝමර් 300 – 400ක පමණ අවශ්‍යතාවක් පැවැතියත් මේ වන විට ඇත්තේ 100කට ආසන්න ට්‍රාන්ස්ෆෝමර් ප්‍රමාණයක් පමණක් බවයි.

මෙම උපාංග ආනයනය කිරීමට රට තුළ ඩොලර් නොමැති වීමෙන් විදුලිබල මණ්ඩලය කබලෙන් ලිපට වැටී ඇති බව පෙනෙන්නට තිබේ.