― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිංගප්පූරු රැකියා කෝටාව ලංකාවට නැති වෙන ලකුණු

සිංගප්පූරු රැකියා කෝටාව ලංකාවට නැති වෙන ලකුණු

හෙද හෙදියන් සඳහා ලැබීමට නියමිතව තිබූ සිංගප්පූරු රැකියා දහස් ගණනක කෝටාව නතර වීමේ අවදානමක් මතුව ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා යොමුකළ ලිපියක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජය හා ඇතිකරගත් එකඟතාවක් මත මුල් අදියරේදී රජයේ රෝහල්වල හෙදියන් එකසිය විස්සකට සිංගප්පූරුවට යාමට අවස්ථාව උදාවී තිබූ අතර එම කණ්ඩායමේ මුලින්ම පිටව ගිය හෙදියන් දෙදෙනාගෙන් එක් හෙද නිලධාරිනියක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යැවූ ලිපියක් මූලික කරගනිමින් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීමේ අවදානම මතු වී තිබේ.

සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය (National University Health System) වෙත සෘජුවම මෙම ලිපිය යොමු කිරීමට විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය මත සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි තානාපති අංශ මෙරටට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග පැවසුවා.

තහවුරු කරගැනීමකින් තොරව රෝහල් අධ්‍යක්ෂවරයා මෙම ලිපිය යොමුකිරීමෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් මත ලබාදීමට ගිය රැකියා අවස්ථාවන් සඳහා අවදානමක් මෙන්ම කළු පැල්ලමක් එල්ල වී එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම හෙද නිලධාරිනිය සම්බන්ධව සිංගප්පූරු රජයට ලිපියක් ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත් ඔහු ධුරාවලියට පිටින් මෙම ලිපිය ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ක්‍රියාවක් කර ඇති බවත් හෙළි වී තිබෙනවා.

ධුරාවලිය අනුව රෝහල් අධ්‍යක්ෂවරයා කළ යුතුව ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් එය අමාත්‍යාංශයට යොමුකර විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් සිංගප්පූරුවට ලිපිය යැවීමයි. මෙම හෙද සේවය සඳහා සේවා සහතිකය ඉදිරිපත් කළ යුත්තේ හෙදියන් මෙහෙයවන ප්‍රධාන වි​ශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය බව ගිවිසුමේ සඳහන්ව තිබෙනවා.

එසේ තිබියදී රෝහල් අධ්‍යක්ෂවරයා ධුරාවලියත් අමතක කර පැමිණිලි කරමින් රාජ්‍ය තාන්ත්‍රිකව ඇති කළ කළු පැල්ලම සම්බන්ධව වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ (12) තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව කළ විමසුමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා පැවැසුවේ අද (13) දින විෂය භාර ඇමැතිවරයාට මේ බව දැනුම් දෙන බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් හෙද නිලධාරිනියන් සිංගප්පූරුවට යැවීමේ කාර්යයට මැදිහත් වූ බවත් සේවා ගිවිසුම අත්සන් කිරීමේදී හෙදියගේ සේවා කාලයට අදාළ චරිත සහතිකය ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය විසින් ලබාදිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නා.

තමන් විදෙස්ගත වීම සඳහා ඉදිරිපත් කළ සියලු සේවා සහතික සත්‍ය ඒවා බවත්, අවශ්‍ය නම් රජයේ රස පරික්ෂක වෙත යවා විශේෂ​ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ අත්සන් තහවුරු කරන ලෙසත් මෙම සිද්ධියට චෝදනා එල්ල වූ හෙද නිලධාරිනිය බලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

ව්‍යාජ ලෙස සේවා සහතිකයක් ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ රැකියාවට ගිය හෙද නිලධාරිනිය ගැන මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

සිංගප්පූරුවේ රෝහල්වල හෙද හෙදියන් සඳහා රැකියා ඇබැර්තුවලට බඳවා ගැනීමේදී ලියාපදිංචි හෙදියකට රුපියල් පන්ලක්ෂ තිස්අට දහසක (සිංගප්පූරු ඩොලර් 2000)ක වැටුපක් නිර්දේශ කර තිබෙනවා.

#asianmirror