― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපේ රටේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ

අපේ රටේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ

අපේ රටේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ බවත් යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම නිසා අද රට බංකොළොත් තත්ත්වයට පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) කඩවත ප්‍රදේශයේ පැවති ටොයොටා ආයතනයේ උත්සවයකට එක්වෙමිනි.

අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද ගිහින් සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මම හොඳයි කියලත් කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ. එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථිකයක්. ඒක තමා දැන් හදන්න ඉන්නේ.

ඒ එංජිම අපි හදන්නේ මේ රට විවෘත ආර්ථිකයක් කරලා. සම්පූර්ණයෙන්ම තරගකාරී අපනයනය ආර්ථිකයක් ලෝකය සමග තරග කරන්න. ඒ තරග කරන්න තමා මේ රේසින් කාර් එක හදන්නේ. මගේ විශ්වාසය තියෙනවා ඔබ සියලුදෙනාටම පුළුවන් කියලා ඒ තරගය දිනන්න. අපි ඔක්කෝම එකතුවෙලා වැඩකරනවා. පළමුවෙන්ම මේ රටට ඩිජිටල් ආර්ථිකයක්. පරිසර හිතකාමි ආර්ථිකයක්. ඒ වගේම සමාජ සාධාරණ ආර්ථිකයක්, ඒ වගේම ඉතාම තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කරන්නයි යන්නේ. අන්තිමට ත්‍රිවිල් එක වෙනුවට බයිසිකලයක් අරන් වැඩක් නෑනේ. ඒකට තමා මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ. පරණ ක්‍රමවලට පුරුදු වුණ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට යන්න තියෙන්නේ අලුත් පාරක. ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න. මට වඩා අනාගතය තියෙන්නේ ඔබ සියලුදෙනාට.

අපේ ආයෝජන මණ්ඩලයට මේක කරන්න බැරිවෙලා තිබුණා ආර්ථික වෙනස්කම් නොකරපු නිසා. ඒ වගේම අපනයනය සංවර්ධන මණ්ඩලයත් අසාර්ථක වුණා. ආර්ථික වෙනස් කරන ගමන් මේ වැඩකටයුතු කරන්න පුළුවන් ආයතන කිහිපයක් ඇති කරනවා. මම දැන් ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන අංශයත් අපනයන සංවර්ධන මණ්ඩලයත් දෙකම ඒකබද්ධ කරනවා. එයින් රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන් ආයෝජන ගේන්න ආර්ථික සංස්ථාව බවට පත්කරන්න.”