― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෝඨාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයාට අධිකරණයෙන් නියෝගයක්

ගෝඨාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයාට අධිකරණයෙන් නියෝගයක්

මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරිනියක සහ දකුණු අප්‍රිකානු නීතීඥවරියක මෙන්ම ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා එල්.ටී.ටීඊ ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට කළ අසත්‍ය චෝදනා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිංහල ජනතාව අතර ප්‍රකට නීතීඥයකු වන ජෙයරාජ් පළිහවඩනට යස්මින් සූකා ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස බ්‍රිතාන්‍ය උපරිමාධිකරණය අද (13) දින නියෝග කළේය.
එමෙන්ම ජෙයරාජ් ඇයට සැලකිය යුතු මුදලක් වන්දියක් ලෙස ගෙවීමටද ඔහු එකඟ වී ඇති බව ITJP ආයතනය ප්‍රකාශ කරයි.

ජෙයරාජ් පලිහවඩන මෑතක් වන තුරුම ජනතා විරෝධය මැද පළා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ අතර යස්මින් සූකාට විරුද්ධව පළ කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධියේම සමාව ඉල්ලා ඇත.

තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට වාසි සැලසෙන ආකාරයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට යස්මින් සූකාට චෝදනා කර ඇති පලිහවඩන සූකා විසින් කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බවට සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ජිනිවා හි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 47කට වාර්තාවක් 2021 වසරේ යවා ඇත.

මෙම වාර්තාවේ පවතින අසත්‍ය කරුණු නිසා තමන්ට සිදුවූ අපකීර්තිය හේතුවෙන් තමන් සම්බන්ධ අසත්‍ය පෞද්ගලික තොරතුරු පල කිරීම අභියෝගයට ලක් කර යස්මින් සූකා දත්ත ආරක්ෂණ පනත යටතේ බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කොට තිබේ.

මෙම නඩුවෙන් පරාජය වූ නීතීඥ පළිහවඩන යස්මින් සූකාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන ඔහු විවෘත අධිකරණයේදී අද දින සමාව ඉල්ලා සිටියේය.

“පැමිණිලිකාරියට එරෙහිව වාර්තාවල නගන ලද ඉහත දැක්වුණු අසත්‍ය චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස් කරගනිමින් වගඋත්තරකරු සමාව ඉල්ලා සිටී” යි. ඔහු අධිකරණයට කීවේය.

එම සමාව අයැදීමේ අවංක භාවය ගෙනහැර දැක්වීම පිණිස එම වාර්තාවලින් පැමිණිලිකාරිය පත්වූ චිත්ත පීඩාවට සහ ඇගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් ඇයට විශාල මුදලක් ගෙවන්නට වගඋත්තරකරු එකඟ වී ඇත.

“පැමිණිලිකාරියගේ යුක්ති සහගත වියදම් දැරීමටද වගඋත්තරකරු එකඟ වී ඇත” යි ජෙයරාජ් පලිහවඩන ලන්ඩනයේ උපරිමාධිකරණයේ දී විනිසුරු ශ්‍රීමත් මාටින් ඩැනියෙල් චෙම්බර්ලේන් ඉදිරිපිටදී කියා සිටියේය.

එලෙසම අන්තර්ජාලය ඔස්සේද ඔහු සිය සමාව අයැදීම ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් පළ කර ඇත.

අදාළ වන්දි මුදල ලැබීමෙන් පසුව යස්මින් සූකා එම මුදල් භාවිත කරමින් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අරමුදල් පිහිටුවීමට සූදානම් බව ද ITJP පවසයි.

#lankasara