26 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨා අද දුක් විඳින්නේ ජනතාව වෙනුවෙන් ද්විත්ව පුරවැසිභාවය කැප කළ නිසයි

ගෝඨා අද දුක් විඳින්නේ ජනතාව වෙනුවෙන් ද්විත්ව පුරවැසිභාවය කැප කළ නිසයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මෙසේ දුක් විඳින්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ද්විත්ව පුරවැසිභාවය පූජා කළ නිසා බව බැසිල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

අද තිබෙන්නෙ ඔවුන්ගේ ආණ්ඩුවක් නොවන බවත් රනිල් රාජපක්ෂ වුණා මිස රාජපක්ෂ වික්‍රමසිංහ නොවූ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා ධූරය අත්නොහැර තව දින කීපයක් සිටියා නම් මෙම ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඔහුට හැකියාව තිබූ බවත් අරගලයෙන් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුණු බවත් බැසිල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කළේය.

අවශ්‍ය වූ විට ජනතාව වෙනුවෙන් තමාගේ ද්විත්ව පුරවැසිභාවය වුවද ඉවත් කිරීමට තමා සූදානම් බවත් තවම ඒ සඳහා කල් වැඩි බවත් හෙතෙම කියා සිටියේය.