23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපාරිභෝගිකයාගේ බර සැහැල්ලු කිරීම මගේ අරමුණයි

පාරිභෝගිකයාගේ බර සැහැල්ලු කිරීම මගේ අරමුණයි

පසුගිය වසරට සාපේක්ෂව බඩු මිල බොහෝ අඩු වී ඇති බවත් උත්සව සමයේදී පාරිභෝගිකයාට අමතර බරක් නොදී බඩු මිල තවත් අඩු කිරීම තම අරමුණ බවත් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමිනි.

ගිය අවුරුද්දට සාපේක්ෂව බඩු මිල අඩුවෙලා තියෙනවා. ඔයාලා දන්නවා මාස 5කට 6කට පෙර රුපියල් 585ට තිබුණ පරිප්පු කිලෝ එක අද රුපියල් 385යි. රුපියල් 150ක් 200කින් අඩුවෙලා. සීනි කිලෝ එක රුපියල් 125කින් අඩුවෙලා. ඒ වගේම සැමන් ටිං එක රුපියල් 250.00කින් විතර අඩුවෙලා. විශාල වශයෙන් භාණ්ඩ මිල අඩුවෙලා නමුත් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ. තවත් බඩු මිල අඩුවෙන්න ඕනේ කියන තමයි මගේ මතය. උත්සව සමය සඳහා කිසිම භාණ්ඩයක් වැඩිවෙන්නේ නැහැ. වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් පාරිභෝගිකයාට මේ උත්සව සමය සඳහා අමතර බරක් දාන්නේ නැතුව මේ භාණ්ඩ මිල මේ ගාණේ හෝ තවත් සතියකින් භාණ්ඩ මිල අඩුකරන වැඩපිළිවෙළකට අපි යනවා.”