25 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් පොත්වල මිල වෙනස් කර විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

පාසල් පොත්වල මිල වෙනස් කර විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කලේ පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවයි.

එවැනි වෙළෙඳුන් කිහිපදෙනෙකුට එරෙහිව මේ වනවිටත් නීතිමය පියවර ගෙන ඇති අතර සිදුකළ වැටලීම්වලදී ඔවුන් සතු අභ්‍යාස පොත් සහ උපකරණ සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ වැටලීම් ආරම්භ කර තිබේ.