25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය කලා පීඨයේ ආචාර්යවරු දැඩි තීරණයක් ගනී

පේරාදෙණිය කලා පීඨයේ ආචාර්යවරු දැඩි තීරණයක් ගනී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනිදා දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි.