― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsමේ වසරේදී ලක්ෂ හයහමාරක සංචාරකයින් මෙරටට ඇවිත්

මේ වසරේදී ලක්ෂ හයහමාරක සංචාරකයින් මෙරටට ඇවිත්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට විදේශ සංචාරකයන් හයලක්‍ෂ පනසස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණි ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙම මස පළමු දින 7 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ජනවාරි මස 01 වැනිදා සිට මෙම මස 7 වැනිදා දක්වා මාස 11 කට අධික කාලය තුළ විදෙස් සංචාරකයන් 644,186 ක්ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ මාසයකදී පැමිණි ඉහළතම සංචාරකයන් සංඛ්‍යාව මාර්තු මස වාර්තා වී ඇති අතර එම අගය 106,500කි. මෙම වසර තුළදී ඉන්දීය සංචාරකයන් 108,510ක් මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් 78,827ක් සහ රුසියානු ජාතිකයන් 74,713ක් මෙම වසරේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි වැඩි සංචාරකයන් ලෙස මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන මණ්ඩලයේ දත්ත වාර්තා සඳහන් කරන්නේ.