― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනේ අනුමැතිය

ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනේ අනුමැතිය

2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ඩොලර් මිලියන 74.87ක වටිනාකමින් යුත් ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර තිබේ.

ඒ අනුව ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වනු ඇත.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් එම්. බීස්ලි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ලෝක ආහාර අරමුදලේ දෙවන නිත්‍ය සැසිවාරයේදී විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මෙම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 02 ට අනුකූලව මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2030 වන විට සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

ආහාර සුරක්ෂිතතාව සහ ඉහළ පෝෂණය අත්පත් කර ගැනීම සහ 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය ලෝක ආහාර වැඩසටහන එහිදී ඇගයීමට ලක් කර ඇති අතර ශ්‍රී ලංකාවේ අවධානමට ලක්වූ ජන කොටස් ප්‍රමාණාත්මකව අඩු කිරීම සඳහා හැකියාව ලබාදීම තුළින් ශ්‍රී ලංකාවට සහාය වන බවත් එම ලිපියෙන් දක්වා තිබීම විශේෂත්වයකි.

එසේම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා රජයේ ආයෝජන ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.