29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවත්මන් අධිපති කරන්නෙත් මම කළ දේමයි - අජිත් නිවාඩ් කබ්රාල්

වත්මන් අධිපති කරන්නෙත් මම කළ දේමයි – අජිත් නිවාඩ් කබ්රාල්

ඩොලරයේ අගය වැඩි නොකර තමන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී කළ දේම වත්මන් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය සිදු කරමින් සිටින බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහානාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩොලරයේ අගය පවත්වාගෙන යනවාට වඩා එය පහත හෙළීම සහ ආර්ථිකය කඩාවැටීමට හේතු වූ බවට මහ බැංකුවට චෝදනා එල්ල වන බවත් වත්මන් මහ බැංකු අධිපතිවරයාද එයම කරන නමුත් තමන් එහි වරදක් නොදකින බවත් හිටපු මහබැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ආර්ථික තත්ත්වය පාලනය කර ජනතාවට සහන ලබාදුන් නමුත් අද සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ රටේ ජනතාවට බර පටවන්නේ නැතිව මේ සඳහා පාලකයන් විකල්ප සෙවිය යුතු බවත්ය.

කෙසේනමුත් වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත විශ්වාසය තැබීම පමණක් අර්බුදයට විසඳුම නොවන බවයි.