28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක ස්ථාන ලස්සන කරන්න ප්‍රසන්නගෙන් සැලසුම්

සංචාරක ස්ථාන ලස්සන කරන්න ප්‍රසන්නගෙන් සැලසුම්

දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිටත් ඇල්ල, ආරුගම්බේ, නුවරඑළිය, කල්පිටිය සහ හික්කඩුව යන නාගරික ප්‍රදේශ සඳහා සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අතරින් ඇල්ල සංචාරක සැලැස්ම දැනටමත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ආරුගම්බේ, කල්පිටිය, හික්කඩුව හා නුවරඑළිය සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීම අවසන් අදියරේ පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෙරළ තීරය ආශ්‍රිතව ග⁣⁣ඟේ වාඩිය, සීතගල්ල, නයාරු බීච්, ගවනර් ඔෆිස්, වයික්කාල, සම්පල්තිව් බීච් ඇතුළු අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ.