― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොරෝනා තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බවට ඉඟියක්

කොරෝනා තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බවට ඉඟියක්

කොරෝනා වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැවසීය.

2020 වසරේදී කොරෝනා වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණු අතර මේ වෛරසය හිස එසවූයේ 2019 වසර අවසානයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

තවමත් කොරෝනා චීනයට හිසරදයකි. චීනය කොවිඩ් පාලනයට පැනවූ සෞඛ්‍ය සීමා, ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබේ. ඒ අනුව වයිරස ව්‍යාප්තිය පාලනයකින් තොරව සිදුවන බව පැවැසෙයි. කෙසේ නමුත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය.

ර්ථක එන්නත්කරණයත්, කොරෝනා වෛරසයේ සැර බාලවීමත් සමඟ වෛරසයේ අවදානම කෙමෙන් පහව ගිය බවත් තවදුරටත් කොරෝනා සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව ගොස් ඇති බව නිල වශයෙන් දැනුම් දීම මෙම වසර අවසන් වීමට පෙර සිදු කරන බවද ගෙබ්‍රියේසිස් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 හෝ එම් මොක්ස් හෝ තව දුරටත් ලෝකයට තර්ජනයක් නොවෙයි. අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් අවසන්. 2023 වසරට පය තබද්දී, මෙම වයිරස සම්බන්ධයෙන් පැනැවූ හදිසි තත්ත්වයන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සීමා මුළුමනින්ම ඉවත් වේවි. කෙසේ නමුත් කොවිඩ් 19 සම්බන්ධයෙන් අප පාඩම් ඉගෙන ගන්න ඕනෑ. යළි එවැනි අවදානම් තත්ත්වය ඕනෑම මොහොමත ඇති වෙන්න පුළුවන් බව සිහියට ගන්න ඕනෑ.