― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsPoliticalගෝඨා කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වෙලා රටේ ආර්ථිකය කෑවා

ගෝඨා කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වෙලා රටේ ආර්ථිකය කෑවා

හිටපු ජනාධිපතිවරයා කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් වී රටත්, රටේ ආර්ථිකයත් බිිහිසුණු ව්‍යසනයකට පත් කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

බිලියන 1400ක පූර්ණ ආදායමක් සහිත රටක බිලියන 600ක බදු ආදායම ව්‍යාපාරිකයින්ට සහන දීම සඳහා එක්වර කපා හැරි විට රටේ ආර්ථිකයට වෙන දේ ගැන පොඩි ළමයෙකුට වුවද සිතා ගත හැකි නමුත් හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගත් බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට කළු සල්ලි ආයෝජනය කළ ජාවාරම් කාරයින් කීප දෙනෙකුගේ පෙළඹවීම මත රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් සිදුකළ විනාශය අද ජාතියක් වන්දි ගෙවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අපි දූෂණයට විරුද්ධව සටන් කරන්නෙ නෑ. දූෂණය පිළිබඳ වචනයක්වත් අයවැයෙන් නෑ කියලා විපක්ෂය චෝදනා කළා. අපි දන්නවා මේ රටේ දූෂණය බරපතල කාරණයක්. මේ රටේ දූෂණය එක තැනක නෙමෙයි තියෙන්නෙ. මේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නෙත් දූෂණය තුළ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්වෙන්නෙත් දූෂණය එක්ක. පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පත්වන්නෙත් දූෂණය එක්ක. මේ හැම තැනම ඉන්නවා ජාවාරම්කාරයො. මේ හැම තැනම ඉන්නවා කළු සල්ලි කාරයො. අපේ හිටපු ජනාධිපතිතුමාට වුනෙත් ඒක. එතුමාට මුහුණ දෙන්න සිද්ධ වුනෙත් ඒ ඉරණමට.

එතුමාගෙ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරපු කළු සල්ලි කාරයො ජාවාරම් කාරයො තමයි එතුමා පෙළඹවනු ලැබුවේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. ඔහු බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. බිලියන 1400ක් පූර්ණ ආදායම තියන රටක බිලියන 600ක් එකපාර කපා හැරියාම වැඩි ආදායම් තියන අයට බදු සහන දෙන්න රටේ ආර්ථිකයට වෙන දේ ගැන හිතාගන්න පොඩි ළමයෙකුට උනත් පුලුවන්. ඒ තරමටවත් හිතුවෙ නෑ ඒ තීන්දුව ගන්න කලින්. කළු ජාවාරම් කාරයින්ට දේශපාලනය යටවෙලා තිබුණු නිසා ඒක වුනේ. ඒක පාර්ලිමේන්තු මට්ටමේදීත් සිද්ධ වෙනවා.

එය වෙනස් කළේ නැතිනම් රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගෙනියන්න බෑ. මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවට එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්ති සහ ප්‍රතිපත්තිවලට අනුකූලව දූෂණ විරෝධී පනතක් කෙටුම්පත් කරලා පක්ෂ නායකවරුන්ට ඉදිරිපත් කරලා තියනවා. ඉදිරියේදී තමුන්නාසේලා සියලු දෙනාගෙම දායකත්වය ඇතිව එම දූෂණ විරෝධී පනත සම්මත කරගන්න අවශ්‍යයයි. අලුතින් අල්ලස් හෝ දූෂණ සභාවක් පිහිටුවන්න අවශ්‍යයයි.

මේ අවුරුද්දෙත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට මිලියන 781ක් වෙන් කළා. ගිය අවුරුද්දෙත් මේ හා සමාන මුදලක් වෙන් කරලා තියනවා. හැබැයි අවුරුද්දක් පුරාවට අල්ලස් දූෂණ කොමිෂන් සභාව කරපු දෙයක් අපි දන්නෙ නෑ. මම ඇමතිවරයෙක් විදිහට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට. මගෙන් කටඋත්තර අරන් තියනවා පැය හතර පහ. අදටත් වෙච්ච දෙයක් නෑ. මෙහෙම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙන් ඇති වැඩේ මොකක් ද. මේ කොමිෂන් සභාව සාක්ෂියක් දුන්ම තොරතුරක් දුන්ම කටයුතු කරන්නෙ නැතිනම් ඒකටත් බනින්නෙ මන්ත්‍රිවරු 225 දෙනාම තමයි. කාටත් වගකීම් තියනවා මේක වගකීමක් සහිත ආයතනයක් කරගන්න.

මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා මැතිවරණවලදි මුදල් වියදම් කරන ප්‍රමාණය සහ ගණන් හිලව්. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ වියදම්වල වගකීම රටේ ජනාධිපතිවරයාගෙ ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගෙ දක්වා තියනවා. ඔවුන් එම වගකීම භාරගන්න ඕන. කළු ආර්ථිකය තුළ ජාවාරම් කාරයින්ගෙ ඉත්තන් බවට පත් වෙච්ච දේශපාලකයින් එක්ක මේ රට ගොඩ ගන්න බෑ. ජාවාරම් කාරයින්ගෙන් අපේ රටේ දේශපාලයින් මුදවා ගන්න ඕන. ඒ සඳහා පක්ෂ නායකයින්ට කැපවීමක් නැති නිසා අපට සිද්ධ වෙනවා නීතියක් ගෙනත් හරි මේ තත්ත්වය වෙනස් කරගන්න.”