27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තරයක උපරිම මිල අද අධිකරණයට දැනුම්දෙයි

බිත්තරයක උපරිම මිල අද අධිකරණයට දැනුම්දෙයි

අද (15) දිනය තුළ බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුව එම නව සංශෝධිත මිල ප්‍රකාශයට පත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීන්දු කළ අතර බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණය එම නියෝගය ලබාදුන්නා. ඒ අනුව බිත්තර සඳහා නව මිලක් කඩිනමින් නියම කරන ලෙස ද අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේය.