28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලේ රැකියා දෙනවැයි මුදල් ගැරූ අයෙක් සොයා පරීක්ෂණ

මාලේ රැකියා දෙනවැයි මුදල් ගැරූ අයෙක් සොයා පරීක්ෂණ

ගිනිගත්හේන බ්ලැක්වෝටර් වතුයායේ පදිංචි වතු කම්කරුවන් 197 දෙනෙකුට විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

මෙම සැකකරු පසුගිය අගෝස්තු මාසයේදී ගිනිගත්හේන බ්ලැක්වොටර් වතුයායට පැමිණ එහි වතුකම්කරුවන් වෙත විදෙස් රැකියා අවස්ථා සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මාලදිවයිනේ අලුතින් ඉදිකෙරෙන සංචාරක හෝටල්වල රැකියා අවස්ථා සඳහා මසකට රුපියල් එක් ලක්ෂ අසු තුන්දහසක වැටුපක් ගෙවන බවයි.

එම රැකියා සඳහා අයදුම් කිරීමට අදාළ පුද්ගලයා වතුකම්කරුවන්ගෙන් මුදල් ඉල්ලා ඇති බවත් ඔහු මේ වනවිට එම ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.