25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිලියන 160ක ගංජා තොගයක් යාපනයේදී අල්ලයි

මිලියන 160ක ගංජා තොගයක් යාපනයේදී අල්ලයි

යාපනය කරෙයිනගර් මුහුදු සීමාවේදී රුපියල් මිලියන 160 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 181 ග්‍රෑම් 900ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අද (15) අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් අද අලුයම් කාලයේදී කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදී විශේෂ සෝදිසි සංචාරයක නිරත වූ අවස්ථාවේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් අධික වේගයකින් ගමන්කොට ඇති අතර එහිදී අදාල ඩිංගි යාත්‍රාව ලුහුබැඳ ගොස් සිදුකල සෝදිසියකදී ඩිංගි යාත්‍රාවේ සඟවා තිබූ මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

එහිදී ඩිංගි යාත්‍රාව තුළ සඟවා තිබූ උර 04 ක අසුරන ලද කේරල ගංජා හමුවීමෙන් පසුව ඒවා යාත්‍රාවෙන් රැගෙන ගිය පුදග්ලයාද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙතට අලෙවි කිරම සඳහා රැගෙන එමින් සිටියදී ජාවාරම්කරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව සැක පල කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27ක් වන යාපනය පාසිඌර් ප්‍රදේශයේ පදිංචි වන අතර ඔහු සහ කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.