27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ගුවන්තොටුපොළවල් තුනකින් කෝටි 200ක පාඩුවක්

මෙරට ගුවන්තොටුපොළවල් තුනකින් කෝටි 200ක පාඩුවක්

මෙරට ගුවන්තොටුපොළවල් තුනක් පසුගිය වසර හතර තුළදී දැවැන්ත පාඩුවක් ලබා ඇති බව වාර්තාවකින් හෙළි වී තිබේ.

රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් මෙලෙස පාඩු ලබා ඇති අතර පසුගිය වර්ෂ හතරේදී මෙම ගුවන්තොටුපොළවල් ත්‍රිත්වයෙන් කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇති බවයි එම විගණන වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති බවත් එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 169 කට අධික බවත් එමඟින් හෙළි වී තිබේ.

රත්මලාන ගුවන්තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46කි.