29 C
Colombo
Wednesday, April 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportමොරොක්කෝව පරදා ප්‍රංශය පාපන්දු අවසන් වටයට

මොරොක්කෝව පරදා ප්‍රංශය පාපන්දු අවසන් වටයට

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය.

දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමින් ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ප්‍රංශය සහ ආජන්ටිනාව අතර ලෝක කුසලාන අවසන් මහා තරගය මෙම ඉරිදා (18) පැවැත්වීමට නියමිතය.

ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6 වන වරටය. මීට පෙර 5 වරක් ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර තෙවරක් අනුශුරයින් වී තිබේ.