― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කරමින් අලුත් ගැසට් එකක්

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කරමින් අලුත් ගැසට් එකක්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුය.

මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේ දී විශ්‍රාම ගත යුතු අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්විය යුතු වේ.

අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු අතර වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවට නව සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත.

එසේ වුව ද ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ.

ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

මෙම සංශෝධනයන් ලබන වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.