2023 වසරේ රට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය, ඉන්දියාව සහ සිංගප්පුරුවෙන් ඩොලර් මිලියන 850ක ණය ආධාර ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
මේ වන විටත් එම ණය මුදල් මාස 6 ක් තුළ ලබාගැනීම සඳහා එම රටවල් සමග සාකච්ඡා අරඹා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
දැනටමත් ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට එකඟ වී තිබේ. අට දෙනෙකුගෙන් යුත් රජයේ මූල්‍ය කමිටුව මෙම ණය ආධාර ලබාගැනීම අනුමත කර තිබේ.