26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදාවේ 15,000ක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

හමුදාවේ 15,000ක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 15,000කට අධික පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසීය.

ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ සේවයෙන් ඉවත්වීමට ඉල්ලුම් කර ඇති යුද හමුදා සාමාජිකයින් ගණන 15,476ක්.

ඉන් හමුදා සාමාජිකයින් 15,165ක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇති අතර තවත් නිලධාරීන් 194 දෙනෙකුගේ නිශ්කාශන වාර්තා ලබාගැනීමෙන් පසුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

දෙසැම්බර් 31වන දින දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මක වන අතර තවදුරටත් නීත්‍යානුකුලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට එම අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රවී හේරත් අවධාරණය කළේය.