― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalIMF ණය ගැන ආණ්ඩුව කියන්නේ බොරු - උදය ගම්මන්පිල

IMF ණය ගැන ආණ්ඩුව කියන්නේ බොරු – උදය ගම්මන්පිල

IMF ණය ජනවාරි මාසයේදී ලබාගත හැකි බවටත් ඉන්පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණඩුව පවසන්නේ බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපි තවම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර නොමැති බව මන්ත්‍රීවරයා එහිදී හෙළි කළේය.

අපේ ණය ප්‍රධාන කොටස් 4ක් තිබෙනවා. දේශීය ණය, ද්විපාර්ශවීය ණය, බහුපාර්ශවීය ණය, ජාත්‍යන්තර වෙළඳපොල ණය කියන්නේ ඒ හතරටයි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ගත් ණය තමයි බහුපාර්ශවීය ණය කියන්නේ.

බහුපාර්ශවීය ණය ‍ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වා කිසිම ඵලදායි සාකච්ඡාවක් පවත්වා නැහැ. සිම්බාබ්වේ වැනි රටවල් මෙම ජාත්‍යන්තර ආයතනත් එක්ක සාකච්ඡා කරලා සිය ණය ප්‍රතිව්‍යුහගත කරගෙන අවසන්. අපි තවම ඒ ගැන සාකච්ඡා ආරම්භ කරලාවත් නෑ. ද්විපාර්ශවීය ණය කියන්නේ විවිධ රටවල්වලින් ගත් ණය. පැරිස් ක්ලබ් කියන සංවිධානය නම් ලංකාව විසින් ණය ආපසු ගෙවීම වසර දහයකට අත්හිටුවන්න යෝජනා කරලා තිබෙනවා.

නමුත් ඒ සංවිධානයේ ඉන්නා බටහිර රටවල් අපට ණය දීලා තිබෙන්නේ සොච්චමයි. ජපානය, චීනය සහ ඉන්දියාව තමයි අපට දැවැන්ත ලෙස ණය දුන් රටවල්. මේ කිසිම රටක් සමග අවසන් එකඟතාවයකට පැමිණීමට තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. වඩාත් දුෂ්කර සාකච්ඡාව තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ බැඳුම්කර හිමියන් සමගයි. ඒ අය විවිධ ආයෝජකයින්. නැතිනම් අන් අයගේ ආයෝජන බලා ගන්නා කළමනාකරුවන්. එතැන දහස් ගණනක් ඉන්නවා. ඒ සියළුම දෙනා එකඟ වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ. ලබා ගත් ණය වලින් 35%ක් කපා හරින මෙන් ආණ්ඩුව ඉල්ලා තිබෙනවා.

එයට එකඟ වෙලා තිබෙන්නේ බැඳුම්කර හිමියන්ගෙන් 40%යි. 100% එකඟ නොවී මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න බැහැ. බොහෝවිට සියළුම දෙනා එකඟ වෙන ණය කපා හැරීම 10%ක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සියළුම දෙනාගේ එකඟතාවය ගන්න තව මාස තුනකට වඩා යන්න පුළුවන් කියන එක තමයි විශේෂඥ මතය. වඩාත්ම අභියෝගාත්මක දේ තමයි ණය කපා හැරීමකට යන්න නම් දේශීය ණය ද යම් ප්‍රමාණයක් කපා හැරිය යුතු බවට බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරන කොන්දේසිය. දේශීය බැඳුම්කර මිල දී ගෙන තිබෙන්නේ රාජ්‍ය බැංකු, රක්ෂණ සංස්ථා, අර්ථසාධක අරමුදල් වගේ අය. ඒ නිසා දේශීය ණය කපා හැරීමකට ගියොත් රාජ්‍ය බැංකු ඇද වැටෙන්න පුළුවන්. විශ්‍රාම යන අයට ගෙවීම් කරන්න අර්ථසාධක අරමුදල්වලට බැරි වෙන්න පුළුවන්.

ඒ නිසා දේශීය ණය කපා හැරීමක් කරන්න බෑ කියලා ආණ්ඩුව ඉතාම නිවැරදිව කියනවා. නමුත් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඒකට එකඟ නෑ. ඔවුන් අහනවා ඇයි අපේ ණය කපා හරිනවා නම් ඇයි දේශීය ණය කපා හරින්නේ නැත්තේ කියලා. මේකත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට තිබෙන ලොකුම බාධාවක්. මේ සියළු ගැටළු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් ජනවාරි මාසයේ තියා මාර්තු මාසයේවත් ලැබෙයි කියා ආණ්ඩුවට ලොකු විශ්වාසයක් නෑ. ඒ නිසා අද ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ මේ රට දෙපළු කරන්න දස දහස් ගණනින් අහිංසක ජනතාව ඝාතනය කරන්න රණවිරුවන් ආබාධිත කරන්න අරමුදල් යෙදවූ දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයගෙන් සල්ලි ගන්න තමයි එරික් සෝල්හයිම් ජනාධිපති උපදේශක වෙන්නේ. විදේශ අමාත්‍යාංශයේ ඩයස්පෝරා අංශයක් පිහිටුවන්නේ. ඒ වගේම ඊයේ දිනයේ බලය බෙදීම පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ.