පක්ෂයක් වශයෙන් වැරදි සිදු වී ඇති නමුත් ඒවා නිවැරදි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණයේ නඩු විභාගයෙන් පිටව යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“පක්ෂයේ ප්‍රතිසංවිධානයට සහ දේශපාලන ස්ථාවරත්වයට මේ වෙලාවේ ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ හරහා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ගමන් මග පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙනවා.“