වෙළෙඳපොළේ ලොකු ළූණු මිල තවදුරටත් පහළ යමින් පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනය ප්රකාශ කළේය.
ආනයනික ලොකු ළූණු පසුගිය සතියේ සිල්ලර වෙළෙඳපොළේ රුපියල් 150 සිට 160 දක්වා මිල ගණන්වලට අලෙවි විය.
ඊයේ වන විට දේශීය ළූණු රුපියල් 240ට අඩු මිලකට දක්නට ලැබුණු අතර ආනයනික ළූණු රුපියල් 170ට අඩු මිලකට අලෙවි වූ බව වාර්තා වේ.