31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතම දියණියව අඹුකමට ගත් පියා රිමාන්ඩ්

තම දියණියව අඹුකමට ගත් පියා රිමාන්ඩ්

තමන්ගේ එකම දියණිය සිහිසුන් වනතුරු පහර දී බරපතල ලෙස දූෂණය කළ පියෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පාඩම් කරමින් සිටි 19 හැවිරිදි තම දියණියට කෲර වද හිංසා පමුණුවා ඇය සිහිසුන් වූ පසුව බරපතල ලෙස දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විසින් මෙම පියාව අත් අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ පසු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ නියෝග කර තිබේ.

සැකකරු විසින් බරපතල ලෙස දූෂණය කර ඇති බව කියන දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතාට තවදුටරත් නියෝග කරනු ලැබීය. මෙසේ රිමාන්ඩ් කළේ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට පුතුන් දෙදෙනෙකු සහ දියණියක් සිටින බවත් ඔවුන් අතරින් පුතුන් දෙදෙනා සහ බිරිය ප්‍රතිකාර ලබා ගැනීමට නි‍ෙවසින් බැහැරව ගිය අවස්ථාවේ නි‍ෙවසේ පාඩම් කරමින් සිටි 19 හැවිරිදි තම එකම දියණිය සැකකරු විසින් බරපතල ලෙස දූෂණය කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය. දියණිය දූෂණය කිරීමට පෙර සැකකරු ඇයට විවිධ කෲර වද හිංසා පමුණුවා සිහිසුන් වන තුරු පහරදී ඇති බවත් සිහිසුන් වූ පසුව දියණිය දූෂණය කර ඇති බවත් අධිකරණයට දීර්ඝව කරුණු ඉදිරිපත් විය. කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.