26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලිට ඇප

තිළිණි ප්‍රියමාලිට ඇප

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව මීට පෙර නඩුකර 08ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවලදී විභාගයට ගැනුණු අතර එම නඩුකර සඳහා ඇයට මීට පෙර ඇප හිමිව තිබුණා. රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් මිලියනයක ශරීර ඇප මතයි මෙසේ තිළිණි ප්‍රියමාලිව මුදා හැරුණේ.

ඇයට විදේශ ගමන්ද තහනම් වන අතර ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත් සෑම මසකම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් තිළිණි ප්‍රියමාලිට නියෝග කර තිබේ.