23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතකයන් සොයා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතකයන් සොයා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

අදාල ස්ථානය හා අවට ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් සහ දුරකතන තොරතුරු ඔස්සේද විමර්ශන ආරම්භ කර ඇති බවත් සිදුවීමට අදාළ ස්ථානය සහ මෝටර් රථය පොලිස් නිළ සුනඛයන් යොදා පරීක්ෂාවට ලක් කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරුම් විමර්ශන කොට්ඨාසය, බොරැල්ල පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.