27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්දට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි

දුමින්දට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම විය.

පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට පොදු සමාවක් ලබා දුන් අතර එම තීරණයට එරෙහිව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා.

ඒ අනුව දුමින්ද සිල්වාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කරනු ලැබීය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට දින නියම කළා.