― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබඩගින්නට පාට, පක්ෂ භේදයක් නැහැ - ජනපති

බඩගින්නට පාට, පක්ෂ භේදයක් නැහැ – ජනපති

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත් ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

ආහාර සුරක්ෂිතා වැඩසටහන අපි ආරම්භ කළේ රටේ පොහොර සහ ඉන්ධන හිඟයක් මතුව තිබූ අවස්ථාවක. ඒ වගේම කිසිදු රටක් අපට ණය ලබා නොදෙන අවස්ථාවක. 2023 වසරේ දී ආහාර හිඟයක් ඇති වීමට ඉඩ කඩ තිබෙනවා. ඊට මුහුණදීම සඳහා තමයි අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ. මෙම වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සමාලෝචනයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නැවත සිදුකරන්න කියලා මම යෝජනා කරනවා. මෙහිදී අලුත් දත්ත ලැබෙන්න පුළුවන්. ඒ අනුව අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යමු. මෙම වැඩසටහන 2023න් පසුව අවසන් වන්නේ නැහැ. අපි එය ඉදිරියටත් පවත්වාගෙන යනවා. ප්‍රාදේශීය සභාවල එක් එක් දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයන් ඉන්නවා. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.

කෙසේ හෝ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දීමට අපට හැකි වී තිබෙනවා. මෙවර මහ කන්නය සාර්ථක වීමත් සමඟ ඉදිරියේදී අපට සහල් අතිරික්තයක් ලැබෙනවා. එහිදී මතුවිය හැකි ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු ගැටළු අප හඳුනාගෙන තිබෙනවා. එම ගැටලු විසඳීමටත් අපි කටයුතු කරනවා. ඒ අතරම වීවලට පාලන මිලක් නියම කිරීමටත් අපි පියවර ගන්නවා.”