බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිලද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 06 වැනිදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කිරීමත් සමග එතෙක් රුපියල් 50ට අලෙවි වූ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මේ අතර ඉමදූව – හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේ (15) උද්ඝෝෂනයක් සංවිධාන කර තිබුණා. ඒ දරුවන්ගේ පාසල් පොත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින්.