26 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංවිමට පොලු තැබූ මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුව රන්ජන් එළියට දායි - Exclusive

ලංවිමට පොලු තැබූ මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුව රන්ජන් එළියට දායි – Exclusive

ලක්ෂ ගණනින් ලංවිමට පොලු තැබූ මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුව ලංවිම විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශයට පත් කර තිබේ.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (15) යූටියුබ් නාලිකාවක පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

කාගෙ කාගෙත් කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබෙන බව ඔහු එම සාකච්ඡාවේදී සඳහන් කළේය.

එහිදී ඔහු කියූ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකුගේ නම් අප ඔබ හමුවේ තබන්නෙමු.

W.D.J. සෙනෙවිරත්න (1 ගෙදරක) රුපියල් 16,28523යි, අනික් ගෙදර – රුපියල් 6,60485යි, R.M.C.B රත්නායක රුපියල් 14,27479යි, ර්‍. පතිරණ – රුපියල් 1237043යි, W.M.T,B. ඒකනායක රුපියල් 1,128,444යි, රිශාඩ් බදියුදීන් රුපියල් 961879යි, සරත් ෆොන්සේකා රුපියල් 778561යි, පී. හැරිසන් රුපියල් 691075යි, R. බෝගොල්ලාගම රුපියල් 475290යි, ඉම්තියාස් බාකිර් රුපියල් 357311යි, H. ප්‍රනාන්දු රුපියල් 275028යි, W. අබේගුණවර්ධන රුපියල් 246145යි, D.D.K. අලහප්පෙරුම රුපියල් 239988යි, Dr. N.H.R. සේනාරත්න රුපියල් 227157යි, R. සියඹලාපිටිය රුපියල් 204401යි, ජයලත් ජයවර්ධන රුපියල් 162487යි, පී. හැරිසන් රුපියල් 160507යි, අනුර පී. යාපා රුපියල් 192705යි, H.M ෆවුසි රුපියල් 142460යි, M.A.LM.M හිස්බුල්ලා රුපියල් 116333යි, J.C. අලවතුවල රුපියල් 87156යි, T. අත්තනායක රුපියල් 85244යි, M.F. මුස්තාෆා රුපියල් 38370යි, S.B. දිසානායක රුපියල් 32367යි.

බලන්නකො අපි දන්න තවත් මන්ත්‍රීවරු මේ මහතා කියන ලැයිස්තුවේ ඉන්නවද කියලා.