28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ලොක්කෙක් ලොතරැයි මණ්ඩලයේ මුදල්වලින් වාහනයක් අරන්

හිටපු ලොක්කෙක් ලොතරැයි මණ්ඩලයේ මුදල්වලින් වාහනයක් අරන්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සිය පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා වාහනයක් සඳහා 2020 දෙසැම්බර් මාසයේදී ලොතරැයි මණ්ඩලය විසින් මුදල් ගෙවා ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

එම වාහනය සඳහා සභාව ගෙවූ මුදල හිටපු සභාපතිවරයාගෙන් අය කර ගත යුතු බවත් එසේත් නැතිනම් මිලදී ගත් වාහනය සභාපතිවරයාගෙන් අය කර ගන්නා ලෙසත් විගණකාධිපතිවරයා යෝජනා කර ඇත.

ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල වාහනය සඳහා ගෙවූ මුදල පිළිබඳ කිසිදු විස්තරයක් නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සංවර්ධන ලෝතර් සභාවට අදාළව 2021 දෙසැම්බර් 31 වැණිදා සිදුකරන ලද විගණන වාර්තාවෙනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.