― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔස්ට්‍රේලියාවේදී වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියෝ

ඔස්ට්‍රේලියාවේදී වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියෝ

වසර 168ක ඉතිහාසයේ පළමු වතාවට මෙල්බර්න් විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකික සමාන නිවුන් දරුවන්ට එකවර ආචාර්ය උපාධි පිරිනැමුවේය.
මෙල්බර්න් සරසවි ඉතිහාසය වෙනස් කළ මේ දෙසෝයුරියන් වූයේ නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්නය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුව පශ්චාත් උපාධිය සඳහා වර්ෂ 2016 දී ඔවුහු මෙල්බරන් සරසවියේ අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබුණහ.

ඔවුන්ගේ ආචාර්ය උපාධිය ලබා දීමට නියමිතව තිබුණේ වර්ෂ 2020 මාර්තු මාසයේ දී වුවද පැවති වසංගත තත්ත්වය හේතුවෙන් එම උපාධි ප්‍රධානෝත්සවය කල් තැබිණි.

අවසානයේ දී 2022 ලෝක නිවුන් දිනය යෙදුණු පසුගිය 18 වැනිදා ඉරිදාට පෙර, එනම් 17 වැනි දා මෙම සමනිවුන් දරුවෝ එකට එක්ව මෙල්බර්න්හි දී සිය ආචාර්ය උපාධිය ලබා ගත්හ.

ඔවුන්ගේ ආචාර්ය උපාධිය අතරතුර නදීෂා හා තේජානි චොකලට් සඳහා පාරිභෝගිකයින්ගේ චිත්තවේගීය හා සංවේදී ප්‍රතිචාර මැනීමටත් විශ්ලේෂණය කිරීමටත් නව ක්‍රම පර්යේෂණ කළහ.

තේජානි චොකලට් රසයේ බලපෑම සහ නදීෂා ඇසුරුම්කරණයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කළහ.

තේජානි දැන් මෙල්බර්න් හි CSIRO හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණාත්මක විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන්නීය. නදීෂා ලොස් ඇන්ජලීස් හි ඇම්වේ හි පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරන්නීය.

“උපත නිවුන් දරුවන් නිසා, අපට අන් අයට පැහැදිලි කිරීමට අපහසු අද්විතීය බැඳීමක් තියනවා…” තේජානි පැවසුවාය.

“ප්‍රාථමික පාසල, උසස් පාසල සහ දැන් විශ්ව විද්‍යාලය යන සියලුම වැදගත් සන්ධිස්ථාන අපි එකට සම්පූර්ණ කළා. එය අපගේ ජීවිතය වඩාත් ප්‍රීතිමත් කර තිබෙනවා. අපි එකට ආචාර්ය උපාධිය සඳහා සහභාගී වීමට උනන්දුවෙන් බලා සිටියා… ” නදීෂා කියා තිබුණාය.

මේ නිවුන් දොසෝයුරියන් දැන් ජීවත් වන්නේ ලෝකයේ ප්‍රතිවරුද්ධ පැතිවලය. නදීෂා පවසන්නේ ඔවුන් වෙන කවරදාටත් වඩා සමීප බවය.

“අපි තවමත් දිනකට කිහිප වතාවක් එය කෙටි පණිවුඩ මගින්, දුරකථනයෙන් හෝ සූම් මගින් කතා කරනවා.” ඇය පැවසුවාය.

#lankasara