― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalකන්න නැතිව ජනතාව ශරීර කොටස් අලෙවි කරද්දී පොහොට්ටු ජනපති රට විකුණනවා

කන්න නැතිව ජනතාව ශරීර කොටස් අලෙවි කරද්දී පොහොට්ටු ජනපති රට විකුණනවා

කන්න නැතිව ජනතාව ශරීර කොටස් අලෙවි කරන බවත් පොහොට්ටු ජනපති රටේ කොටස් විකුණන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) රඹුක්කන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

සුන්දර ශ්‍රී ලංකාව අද වෙන්දේසිලන්තයක් බවට පොහොට්ටු සෙවනැලි ආණ්ඩුව පත්කර ඇති බවත් එබැවින් මේ ඩීල් දේශපාලනය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

රටේ ජනතාව කොතරම් අන්ත අසරණ තත්ත්වට පත්වෙලා ද කියනවා නම් ඔවුන් මේ වන විට ශරීර කොටස් පවා අලෙවි කිරීමේ තත්ත්වයට පත්ව ඇති බවත් එවන් තත්ත්වයක් තිබියදී රාජපක්ෂ හිතකාමී රටේ නායකයා විසින් රටේ කොටස් කුණු කොල්ලයට විකුණා දැමීමට සූදානම් බවත් අපේ සුන්දර මාතෘභූමිය වෙන්දේසිලන්තයක් බවට පොහොට්ටු සෙවනැලි ආණ්ඩුව පත්කර ඇති බවත් එබැවින් මේ ඩීල් දේශපාලනය පරාජය කර අපේ රටේ දරු පරපුරට හොඳ, නවීන, ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපන අවස්ථාවක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ඉදිරි මැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු රට විනාශ කළ හොර කල්ලිය පන්නා රටෙන් එළියට ගෙන ගිය ඩොලර් ටික නැවතත් රටටම ගෙන එන බවත් රටේ ජනතාව, පාසල් සිසුන් මෙන්ම රාජ්‍ය සේවකයා සුරකින එකී පොදුජන යුගය බිහි කිරීමට සඳහා සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසල් යන දූදරුවන්ට පොත පත අරන් දෙන්න නොහැකි තත්ත්වයක් තුළ, විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන්ට එහි යාමට නොහැකි තත්ත්වයක් තුළ රට විනාශ කළ, රටේ ජන ජීවිතය කඩාකප්පල් කළ පොහොට්ටු කල්ලිය එජාපය එක්ක එකතු වෙලා රට ගොඩනගන්න නැවත එන බවට පුරසාරම් දොඩන බවත්, ඔවුන් නැවත නැගිටීමට අවශ්‍ය දේශපාලන කිහිලිකරුවන් සොයන බවත් මේ වන විට පුවත්පත්වල දැන්වීම් දමමින් නැවත රට විනාශ කිරීමට සුදානම්ව සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි හොර කල්ලියක් නැවත බලයට ගෙනවිත් මේ තියෙන තත්ත්වයෙන් තවත් පහළට ඇද වැටීමට ඉඩ නොදෙන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මීට පෙර විදුලි බිල වැඩි කර ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිය දී තවත් දෙපාරකට විදුලි බිල වැඩි කිරීමට සූදානම් බව යි. එබැවින් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව එකවරක් විදුලි බිල වැඩි කර ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇති අවස්ථාවක නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ හොත් රටේම ජනතාව සමඟ පාරට බැස කොළඹට පැමිණ මෙයට විරුද්ධව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.