25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් කැරොල් බලන්න යයි

ජනපති රනිල් කැරොල් බලන්න යයි

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ගායන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසගංයක් ඊයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ වුණා.

නත්තල් අසිරිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාවක් සලසා දෙමින් මෙය සංවිධානය කර තිබූ අතර ජාති, ආගම් බේදයකින් තොරව අති විශාල ජනතාවක් ජනාධිපති කාර්යාලය අවට සහ කොළඹ ගාලු මුවදොර පිටියට රැස්ව සිටියා.

මේ අතර නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට පැමිණි පිරිස සමඟ සුහද කතා බහක නිරතවීමටද ජනාධිපතිවරයා මෙහිදී අමතක කළේ නැහැ. මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වැනිදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තූර්ය වාදන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තූර්ය වාදන සංදර්ශනයක් ද පැවැත්වෙන අතර එම සංදර්ශණය සහ සැණකෙළි භූමියේ ඉදිකර ඇති විශාල නත්තල් ගස දැක බලා ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමි වනවා.