― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජන වරමක් නැති ආණ්ඩුවක ඇමතිකමක් මට එපා

ජන වරමක් නැති ආණ්ඩුවක ඇමතිකමක් මට එපා

තමන් බාල දේශපාලනය නොකරන බවත් ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) මහනුවරදී පැවති හමුවකින් අනතුරුව අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය මෙතෙක් පැහැදිලි නොමැති බැවින් එය ලැබුණත් නැතත් රට ඉදිරියට ගෙනයෑමේ වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බවත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බවත් හෙතෙම අවධාරණය කළේය.

රට අද මුහුණ පා ඇති බංකොලොත්භාවයෙන් පෙන්වා ඇත්තේ රටේ දේශපාලන වශයෙන් වෙනසක් ඇති කිරීමට තරුණ පරම්පරාව මුල් කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව යැයි පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.

පොලිස් රාජ්‍යය හා මර්දනය නවත්වා ඕනම අයකුට ඉදිරිපත් විය හැකි පරිදි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පවත්වන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.