― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsතෙල් සංස්ථාවේ කොමිස් බෙදිල්ලක් නිසා ජනතාවට වැඩිපුර මුදල් ගෙවන්න වෙලා?

තෙල් සංස්ථාවේ කොමිස් බෙදිල්ලක් නිසා ජනතාවට වැඩිපුර මුදල් ගෙවන්න වෙලා?

ඛනිජතෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සපයා ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනීමේ අර්බුදයකට ලක්ව තිබියදී ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තීරණයට පටහැනිව බෙදුම්කරුවන් සඳහා ඉකුත් දින 50ක (2022 ජුලි 26 සිට සැප්තැම්බර් 15) කාලය තුළදී රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බෙදුම්කරුවන්ට දෛනිකව ලබාදෙන ඛනිජතෙල් සැපයුම තුනෙන් දෙකක මට්ටමකට සීමාකර තිබුණා. මේ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයට අනුව 2022 ජුලි මස 26 දිනට බෙදුම්කරුවන්ට ගෙවිය යුතු නියමිත කොමිස් මුදල රුපියල් මිලියන 30.7ක්.

එහෙත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය නොසලකා රුපියල් මිලියන 98.6ක් බෙදුම්කරුවන්ට ගෙවීම හේතුවෙන් එක්දිනක් තුළ ගෙවනු ලැබූ වැඩිපුර කොමිස් මුදල රුපියල් මිලියන 67.9ක්. එදින සිට මාසයක් තුළ වැඩිපුර ගෙවා තිබූ කොමිස් මුදල රුපියල් මිලියන 1960 ක් බවද විගණන වාර්තාවේ සදහන්. දෛනික ඛනිජතෙල් සැපයුම් සීමාකොට තිබියදී පවා ඉහළ සීමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබුණා.

මේ නිසා වසරකට ගෙවිය යුතු කොමිස් මුදල රුපියල් මිලියන 24,444ක්. ඒ අනුව වැඩිපුර ගෙවීමට සිදුවන කොමිස් මුදල සංස්ථාවේ සේවකයින් සඳහා ගෙවනු ලබන අතිකාල දීමනා, ප්‍රසාද දීමනා හා වෙනත් සියලු දීමනා සමස්ථ සේවක පිරිවැය මෙන් හතර ගුණයකට අධික බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී මුදලින් වසරකදී නව ඉන්ධන පිරවුම්හල් 400 ක් (ඉඩම් හැර) ඉදිකිරීමට හැකි බවද විගණන වාර්තාවේ සඳහන්.

බෙදුම්කරුවන් සඳහා කොමිස් මුදල් වැඩිපුර ගෙවීම මත ඛනිජතෙල් පාරිභෝගිකයින්ට ඔවුන් විසින් පාරිභෝජනය කරනු ලබන සෑම 92 වර්ගයේ ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 8.64ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා ගෙවීමට සිදුවන මුදල රුපියල් 11.10කි. ඩීසල් ලීටර් 01ක් සඳහා (LAD) රුපියල් 9.27ක මුදලක්ද, ළ්Sඪ් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 10.95ක වැඩිපුර මුදලක් පාරිභෝගිකයින්ට ගෙවීමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ඉකුත් වර්ෂයේදී (2021) තෝරාගත් අලෙවි නියෝජිතයින් 05 දෙනෙකු සඳහා අතිරේක කොමිස් මුදලක් ගෙවමින් ඉන්ධන බෙදාහැරීම හේතුවෙන් රුපියල් මිලියන 132.453ක අතිරේක කොමිස් මුදලක් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වනවා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් තෝරාගත් අලෙවි නියෝජිතයින්ට අදාළ කොමිස් මුදල් ලබාදී සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කොට තිබුණා. සංස්ථාවට සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන අලෙවි කිරීමේ හැකියාව තිබියදී නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක් ගෙවමින් මෙවැනි ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ පදනම විගණනයට ද පැහැදිලි නොමැති බව විගණන වාර්තාවේ සඳහන්.

අධ්‍යක්ෂක මණ්ඩල තීරණයට අනුව 2019 වර්ෂයේදී ඛනිජතෙල්වල දේශීය වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ගේ බලපැම් මත ඉහළ සහ පහළ සීමාවන්ට යටත්ව බේදුම්කරුවන් සඳහා ගෙවනු ලබන කොමිස් ප්‍රතිශතය තීරණය කර තිබුණා.

විනිමය හිඟය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දේශීය ඛනිජතෙල් නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා. එහෙත් සංස්ථාවේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ඉහළ සීමාවන් නොසලකා (upper cap) බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීමට කටයුතු කර තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කර නොතිබුණි.

#asianmirror