― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාඩු ලබද්දිත් ලංවිම සේවකයින්ගේ වැටුප් 25%කින් වැඩිකරලා?

පාඩු ලබද්දිත් ලංවිම සේවකයින්ගේ වැටුප් 25%කින් වැඩිකරලා?

2021 වසරේදී විදුලිබල මණ්ඩලය විසින් සේවක වැටුප් 25%කින් වැඩි කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

නවතම විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ විදුලිබල මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් තිබියදී මෙම වැටුප් වැඩි කරගැනීම තුළින් සිදුවු අහිතකර බලපැම දළ වශයෙන් රුපියල් බිලියන 9.6ක් බවයි.

එමෙන්ම රුපියල් බිලියන 2.7ක ප්‍රසාද දීමනා ලංවිම සේවකයින්ට ගෙවා ඇති බවත් එම වාර්තාවෙන් හෙළිදරවු වී තිබේ.