― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෙම්වතා සමඟ හිත් අමනාපයෙන් තරුණියක් දිවි නසාගනියි

පෙම්වතා සමඟ හිත් අමනාපයෙන් තරුණියක් දිවි නසාගනියි

සිය පෙම්වතා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් 21 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ ඊයේ (18) වේයන්ගොඩ, දංවිලාන ප්‍රදේශයේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි. අදාළ තරුණියට වෙනත් තරුණයෙකු සමඟ අනියම් සම්බන්ධයෙන් ඇති බවට පවසමින් පෙම්වතා විසින් සිදුකළ චෝදනාවක් මත දෙදෙනා අතර මෙම ආරවුල ඇතිව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එයට සිත් තැවුලට පත් අදාළ තරුණිය සිය නිවසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සියදිවි නසාගැනීමට පෙර ඇය ඒ බව කෙටි පණිවුඩයක් මඟින් පෙම්වතාට දැනුම් දී ඇති අතර සියදිවි නසාගැනීමට තොණ්ඩුව සකසා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක්ද පෙම්වතාට යවා ඇති බවයි පොලිසිය පැවසුවේ. එම පණිවුඩයත් සමඟ කලබලයට පත් වූ පෙම්වතා ඒ පිළිබඳව සොයා බැලීමට පෙවතියගේ නිවසට ගොස් ඇති අතර එහිදී සිය පෙම්වතියට කතාකර ඇති අතර එහිදී ඇය කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉන් අනතුරුව පෙම්වතා විසින් වහලයෙන් නිවස තුළට ඇතුළු වී ඇති අතර එහිදී ඔහුට දැක ගැනීමට හැකිව ඇත්තේ සිය පෙම්වතිය වහලයේ බාල්කයක එල්ලී සිටින ආකාරයයි. පසුව පෙම්වතා විසින් ගෙළ වැළලාගෙන සිටි සිය පෙම්වතිය ඉන් මුදාගෙන තවත් මිතුරෙකු සමඟ යතුරුපැදියකින් ඇයව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

යතුරුපැදියෙන් ඇය රෝහල වෙත රැගෙන යන අතරතුර ඇය මියගොස් ඇති බව දැනගැනීමන් පසු පෙම්වතා ඇයව පාළු වත්තකට දමා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුව 23 හැවිරිදි පෙම්වතා වේයන්ගොඩ පොලිසිය පැමිණ මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වේයන්ගොඩ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.