23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතන 52ක් කෝටි 86000ක පාඩුවක් ලබලා

රාජ්‍ය ආයතන 52ක් කෝටි 86000ක පාඩුවක් ලබලා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක් වසරකදී රුපියල් කෝටි 86000ක පාඩුවක් ලබන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම රාජ්‍ය ආයතන සහ ව්‍යවසාය 420ක් රජයෙන් නඩත්තු කරන බවත් රජය නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වී තිබේ. පසුගියදා කෝප් කමිටුව අනාවරණය කළේ රාජ්‍ය ආයතන අතුරින් දූෂිත ආයතන 32ක් පවතින බවයි.

අදාළ ආයතන 32 පසුගිය වසර පහේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 46,500කි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය පිළෛවෙලින් වැඩිම පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇති අතර එම ආයතන ත්‍රිත්වය පසුගිය තෙවසර තුළ රුපියල් කෝටි තිස් දාහක පාඩුවක් ලබා ඇති බවත් වාර්තා වෙයි.