27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර දිවි නසාගත් පුද්ගලයාගේ දේහය ඥාතීන් අතට

ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර දිවි නසාගත් පුද්ගලයාගේ දේහය ඥාතීන් අතට

ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර සියදිවි හානිකරගත් පුද්ගලයාගේ දේහය ඥාතීන්ට භාරදී තිබෙනවා.

නීතිවිරෝධී ලෙස කැනඩාවට යාමට උත්සාහ කිරීමේදී බෝට්ටුව කැඩී යාමෙන් සරණාගතයින් 303 දෙනෙකු වියට්නාමයට රැගෙන ගොස් ඇත්තේ පසුගිය මස 8 වැනිදායි.

මේ අනුව වියට්නාම කඳවුරේ රඳවා සිටි දෙදෙනකු පසුගිය මස 18 වැනිදා සියදිවි නසා ගැනීමට උත්සාහ කළේ තමන් යළි මෙරටට නොයවන ලෙස පවසමිනි.

දෙදෙනාම වියට්නාමයේ රෝහලකට ඇතුළත් කරද්දී 37 හැවිරිදි සුන්දරලිංගම් කිරිදරන් මිය ගියේය. චාවකච්චේරි, කල්වයල් ප්‍රදේශයේ තිදරු පියෙකු වන සුන්දරලිංගම් කිරිදරන්ගේ දේහය ඊයේ ඔහුගේ ඥාතීන්ට භාරදී ඇති අතර අද ඔහුගේ නිවසේ ආදාහනය කර චාවකච්චේරි වීදුරු පෙට්ටි සුසාන භූමියේ මිහිදන් කළේය.